මාස 4ට ගාල්ලෙන් පමණක් විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් 2836ක් අල්ලයි


 ගාල්ල දිස්ත්‍රික්කය තුල මෙම වර්ෂයේ (2026) මුල්මාස හතර තුලදි  (ජන- අප්‍රේල්)  බිමත්ව හා විෂමත්ද්‍රව්‍ය භාවිතාකර රිය පැදවු රියදුරන් 2836 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බැව් ගාල්ල දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

මත්පැන් පානය කොට රිය පැදවිම් සම්බන්දයෙන්  රියදුරන්  2576 දෙනෙකු සහ විෂමත්ද්‍රව්‍ය භාවිතාකොට රිය පැදවු රියදුරන් 260 දෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇත. මත්පැන් පානය කර රිය පැදවීම සම්බන්ධයෙන් වැඩිම වැටලීම් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගාල්ල පොලිස් කොට්ඨාශයෙන් වන අතර එම සංඛ්‍යාව 1704කි. ඇල්පිටිය පොලිස් කොට්ඨාශයෙන් බිමත්ව රිය පැදවිම් සම්බන්දයෙන් රියදුරන් 872 නෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව  වාහන කාණ්ඩ අනුව වර්ගීකරණය කළ විට, ගාල්ල සහ ඇල්පිටිය පොලිස්  කොට්ඨාශ  දෙකෙන්ම යතුරුපැදිකරුවන් 224 දෙනෙකු,, ත්‍රීරෝද රථ රියදුරන් 23 දෙනෙකු,, වෙනත් වාහන පදවන්නන් 08 දෙනෙකු, සහ බස් රථ රියදුරන් 03නෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ගාල්ල දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. මෙ අය අතුරින්  බහුතර පිරිසක්  යතුරුපැදිකරුවන්වන අතර විෂමත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන්ගෙන්  86%ක්ම යතුරුපැදිකරුවන් බවට තහවුරුවි ඇත.



Recommended Articles