මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති අත්අඩංගුවට


මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උප සභාපති කේ. ජී. පියතිස්ස මහතා සහ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පසුගියදා පැවති ගුරු-විදුහල්පති හා දෙමාපිය විරෝධතාවයක් අතරතුරදී එම ස්ථානය ගොස් එහි සිටි පිරිසට බැණ තර්ජන කිරීම හේතුවෙනි. 

පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින් විසින් අදාළ සිද්ධිය සමතයකට පත්කළේය.

එම විරෝධතාවය පසුගිය 3වනදා මාවනැල්ල, මෙඩේරිගම මහා විද්‍යාලයේදී සංවිධානය කර තිබුණි.

 



Recommended Articles