මාලේ හා කටුනායක අතර නව ගුවන් ගමනක්


මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ දක්වා නව ගුවන් ගමනක් ආරම්භ කිරීම මාලදිවයිනේ නිල ගුවන් සේවය සැලසුම් කර තිබේ.

ඒ අනුව මේ මස 25 වැනිදා සිට මෙම ගුවන් ගමන ආරම්භ කිරීමට නියමිතය. සතියට දින දෙකක් එනම් බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන ලෙස මෙම ගුවන් ගමන ක්‍රියාත්මක කරයි.

මේ සඳහා A 320 වර්ගයේ ගුවන් යානයක් වෙන්කර ඇති අතර නව ගුවන් ගමන වෙනුවෙන් මේ වන විටත් ආසන වෙන් කිරීමේ පහසුකම් ඔවුන් ආරම්භ කර තිබේ. 



Recommended Articles