මාලිමා රජයේ තෙවැනි අයවැය අද පස්වරු 2ට


ආර්ථි­කය ස්ථාවර කිරීමේ ඉල­ක්ක­යෙන් ඔබ්බට ගොස්, ආර්ථික ප්‍රසා­ර­ණය සහ පරි­ව­ර්ත­නීය සංව­ර්ධ­නය ඉලක්ක කර­ගත්  2027 අය-වැය ලේඛ­නය මුදල්, සැල­සුම් හා ආර්ථික සංව­ර්ධන ඇමැ­ති­ව­රයා ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් පාර්ලි­මේ­න්තු­වට අද (12) පස්වරු 2.00ට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජයේ 81 වැනි අය-වැය ලේඛ­නය වන මෙය, ජාතික ජන බල­වේග ආණ්ඩුව විසින් ඉදි­රි­පත් කරනු ලබන තෙවැනි පූර්ණ අය-වැය ලේඛ­නය වේ.

අද (12) ඉදි­රි­පත් කෙරෙන 81 වැනි අය-වැය ලේඛ­නයේ දෙවැනි වර කියැ­වීමේ විවා­දය හෙට (13) සිට 20 වැනිදා දක්වා දින 7ක් පුරා පැවැත්වේ. දෙවැනි වර කිය­වීමේ තීර­ණා­ත්මක ඡන්ද විම­සීම නොවැ­ම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වේ.

ඉන් අන­තු­රුව කාරක සභා අවස්ථා විවා­දය නොවැ­ම්බර් 21 වැනිදා සිට දෙසැ­ම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පුරා පැවැ­ත්වෙන අතර, එහිදී විප­ක්ෂ­යට සිය­යට 60ක කාල­යක් වෙන් කර අමා­ත්‍යාංශ වැය ශීර්ෂ දීර්ඝ ලෙස විවා­ද­යට ගැනේ. අය-වැය පිළි­බඳ අව­සන් ඡන්ද විම­සීම දෙසැ­ම්බර් 19 වැනිදා කෙරෙන අතර, ඉන් අන­තු­රුව ජනා­ධි­ප­ති­ව­රයා විසින් මුදල් නිද­හස් කිරීමේ නියෝග අත්සන් කර අදාළ ගැසට් නිවේ­දන නිකුත් කිරී­මෙන් පසු 2027 ජන­වාරි 01 වැනිදා සිට නව අය-වැය යෝජනා නිල වශ­යෙන් ක්‍රියා­ත්මක වේ.

 



Recommended Articles