මාලිමා ආණ්ඩුවේ දෙවැනි අයවැය හෙට


2026 වසර සඳහා වන අය – වැය මුදල් අමා­ත්‍ය­ව­රයා ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් හෙට (07) පස්වරු 1.30ට පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

2026 අය – වැයෙහි පළමු වර කිය­වීම හෙවත් විස­ර්ජන පනත් කෙටු­ම්පත පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරීම පසු­ගිය සැප්තැ­ම්බර් 26 වැනිදා සිදු කරනු ලැබීය.

අය – වැය කතාව හෙවත් අය – වැය (දෙවැනි වර කිය­වීම) ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් හෙට ඉදි­රි­පත් කිරී­මෙන් පසුව ඊට අදාළ විවා­දය දෙසැ­ම්බර් 05 වැනිදා දක්වා පැවැ­ත්වී­මට නිය­මිතය.

 



Recommended Articles