මාලදිවයිනේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට


මාලදිවයින තුළ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී  ලාංකිකයන් 176 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද දින දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මාලදිවයින තුළ සංචාරක ක්ෂේත්‍රයේ රැකියා වල නිරත වී සිටි පිරිසක් බවට තොරතුරු වාර්තා වේ .

ඔවුන් අද දින දහවල් 11.38 ට මාලදිවයින මාලේ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානයෙන් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස එහිදී පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කර තිබේ.



Recommended Articles