මාලදිවයිනේ සිටි ලාංකිකයින් 120 දෙනෙකු දිවයිනට


කොරෝනා වසංගත රෝග තත්ත්වයත් සමග යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 120 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (5) දින දහවල් මාලේ නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ශ්‍රී ලාංකිකයන් මාලදිවයින තුළ පිහිටි සංචාරක හෝටල් වල රැකියා වල නියුතුව සිට ඇති බවට තොරතුරු වාර්තා වේ .

මාලදිවයිනේ , මාලේ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානය අද දින දහවල් 11.03 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීම සිදු කෙරුණි.



Recommended Articles