මාලදිවයිනේ සිටි ලාංකිකයන් පිරිසක් මත්තලට


මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද දින දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම ගුවන් මගීන් පිරිස අද දින දහවල් 1.30 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් මගීන් අතර සිටි වැඩි පිරිසක් එරට සංචාරක ක්ෂේත්‍රයේ රැකියා වල නිරත වී සිටි අය බවට තොරතුරු වාර්තා වේ .

මොවුන් මත්තල ගුවන් තොටුපළ වෙත පිවිසීමෙන් පසුව පී.සී.ආර්. පරීක්ෂණ වලට භාජනය කර තිබේ .

 



Recommended Articles