මාලදිවයිනේ සිටි ලාංකිකයන් පිරිසක් මත්තලට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 169 දෙනෙකු මාලේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින්  අද (24) දින මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් මගීන් පිරිස මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 4102 දරන විශේෂ ගුවන් යානයෙන් අද දින සවස 3.07 ට මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මොවුන් ගුවන් තොටුපළ තුළදී  පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම සිදු කෙරේ.

 



Recommended Articles