මාලදිවයිනේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට


මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (26දා) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
 
දහවල් 11.15 ට මාලදිවයින මාලේ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

 කටුනායක ගුවන් තොටුපළට මෙම පිරිස පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ සිදු කෙරුණි .



Recommended Articles