මාලදිවයිනේ සිටි ලාංකිකයන් 287 දෙනෙකු දිවයිනට


මාලදිවයිනේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 287 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (30)  දින දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානය අද  දින දහවල් 1.35 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් මගීන් පිරිස මාලදිවයින තුළ පිහිටි සංචාරක හෝටල් වල රැකියා වල නිරත වී සිටි පිරිසක් බවට තොරතුරු වාර්තා වේ .

මෙම ගුවන් යානයෙන් පැමිණි සියලු ගුවන් මගීන් ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කෙරුණි .

 



Recommended Articles