මාලදිවයිනේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් මත්තලට


මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 8/10 දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළේ සිට පැමිණි   ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-1102 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම ගුවන් මගීන් පිරිස 8/10 දින දහවල් 12.30 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මත්තල ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණි පසුව පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කෙරුණි .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles