මාලදිවයිනේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් මත්තල ගුවන් තොටුපළට


කටුනායක ටී.කේ.ජී.කපිල

මාලදිවයින තුළ රැකියා සදහා ගොස් , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 7/13 දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මොවුන් මාලදිවයිනට අයත්  දූපත් වල සංචාරක හෝටල් කීපයක  සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බවට තොරතුරු වාර්තා වේ .

මෙම ගුවන් මගීන් පිරිස 7/13 දින දහවල් 1.30 ට මාලදිවයිනේ මාලේ නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 4102 දරන විශේෂ ගුවන් යානයෙන් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස , එහිදී පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කෙරුණි .



Recommended Articles