මාලදිවයිනේ සිට ලාංකිකයින් 185 දෙනෙකු දිවයිනට


මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 185 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (12)  දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් මගීන් අතුරින් වැඩි පිරිසක් මාලදිවයින තුළ සංචාරක හෝටල් ආශ්‍රිත රැකියාවල නියැලී සිටි ශ්‍රී ලාංකිකයන් බවට තොරතුරු වාර්තා වේ.

මෙම ගුවන් මගීන් පිරිස මාලදිවයිනේ , මාලේ නුවර  ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 102 දරන ගුවන් යානයෙන් අද දින දහවල් 11.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

කටුනායක ගුවන් තොටුපළ තුළ ස්ථාපිත කර ඇති නවතම වෛද්‍ය රසායනාගාරය තුළදී මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කෙරුණි .



Recommended Articles