මාලදිවයිනේ ලාංකිකයන් ගෙන එන්න විශේෂ ගුවන් යානයක් යයි


කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ සිර වී සිටින  ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (14දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලේ ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන එම ගුවන් යානය 5/14 දින උදෑසන 7.30 ට කටුනායක ගුවන් තොටුපළෙන් මාලේ ගුවන් තොටුපළ බලා පිටත් වී ගොස් තිබේ.

මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් නොවූ අතර , ගුවන් යානා කාර්යය මණ්ඩලය 11 දෙනෙකු  පමණක් ගමන් ගත්හ. මෙම ගුවන් යානය යළිත් දහවල් 11.30 ට යළි කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .



Recommended Articles