මාලදිවයිනේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මත්තල ගුවන් තොටුපළට


මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 177 දෙනෙකු රැගෙන මාලේ නුවර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද  දින පස්වරුවේ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් මගීන් අතුරින් වැඩි දෙනෙකු එරට සංචාරක හෝටල් වල රැකියා කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් බවට තොරතුරු වාර්තා වේ .

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අද  දින පස්වරු 3.10 ට මාලදිවයිනේ මාලේ නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානයෙන් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස පසුව පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි .



Recommended Articles