මාලදිවයින් ජනපති ආපසු යයි


මාළදිවයින ජනාධිපති මොහොමඩ් මුයිෂු ( Mohomed Muizu ) මහතා සිය සිව් දින ශ්‍රී ලංකා නිල සංචාරය නිමා කර 05/06 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මාලදිවයින මාළේ නුවර බලා පිටත්ව ගියේය .

ඔහු සමග පැමිණි ජනාධිපති ආර්යාව මෙන්ම 20 දෙනෙකුගෙන් සමන්විත එරට දූත පිරිස ද පිටත්ව ගියහ .

ඔවුන් 05/06 දින උදෑසන 07.43 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින මාළේ නුවර බලා පිටත්ව ගොස් තිබුණි .



Recommended Articles