මාලදිවයින හා ඕස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට


මාලදිවයින සහ ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 186 දෙනෙකු අද (27)  දින දහවල් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

අද  දින දහවල් 11.00 ට මාලදිවයින මාලේ ගුවන් තොටුපළේ  සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එසේම අද  දින දහවල් 2.00 ට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 609 දරන ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 160 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

පසුව මොවුන් සියලු දෙනා පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කර තිබුණි .

 



Recommended Articles