මාලදිවයින තුළ රැදී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට


මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (19) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළේ සිට අද දින දහවල් 12.08 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් මෙම ගුවන් මගීන් පිරිස පැමිණ තිබුණි .

මෙම ගුවන් මගීන් අතර වැඩි පිරිසක් එරට සංචාරක ක්ෂේත්‍රයේ රැකියා වල නිරත වී සිටි ශ්‍රී ලාංකිකයන් බවට තොරතුරු වාර්තා වේ.

කටුනායක ගුවන් තොටුපළට මෙම ගුවන් මගීන් පිරිස පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කර තිබේ .



Recommended Articles