මාරු සල්ලි නැතිව ඉතිරි මුදල් දීමේදී කොන්දොස්තරවරුන් ගැටලුවකට


සිල්ලර කාසි හිගය නිසා නියමිත බස් ගාස්තුව මගී ජනතාවට ලබා දිමේ බස් රථ කොන්දොස්තරවරුන් දැඩි දුෂ්කරකාවයන්ට පත්ව සිටින බව ලංකා පෞද්ගලික  මගී ප්‍රවාහන සේවක සංගමය සදහන් කරයි.

මේවර බස් ගාස් සංශෝධනයේදිත් බොහො බස් ගාස්තු ගෙවිමේදි සිල්ලර කාසි විශාල ප්‍රමාණයක අවශ්‍යතාවයක් පැන නගින බවද එම සංගමයේ ලේකම්  කුමරදාස කුලියාපිටිය මහතා සදහන් කළේය.

අවම බස්ගාස්තුව සදහ රුපියල් තිහක මුදලක් ලබා දිමට කටයුතු කලහොත් මගියාට රුපියල් තුනක මුදලක් ඉතිරි මුදල් ලෙස ලබා දිමට සිදුව තිබෙන බවත් රුපියල් 56 ගාස්තුවට රුපියල් හැටක් ලබා දිමට කටයුතු කලහොත් රුපියල් හතරක් ඉතිරි මුදල ලෙස ලබා දිමට සිදුවන බවද පැවසිය.

මේ අකාරයට  බස් ගාස්තු අවස්තා අති බහුතර ප්‍රමාණයක් තිබෙන බවත් එහෙත් මේ වන විට රුපියල හා රුපි. දෙක හා රුපියල් පහේ කාසිවල විශාල හිගයක් පවතින බවත් රුපියල් දහයේ කාසි පවා  යම් යම් අවස්තාවල හිගවන බවද සදහන් කළේය.

මෙම තත්ත්වයන් මග හරවා ගැනිම් සදහ පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක  කරන ලෙසට අවස්ථා ගණනාවකදිම  පසුගිය කාලයේදි බලධාරින්ගෙන් ඉල්ලා සිටි බවද පැවසිය.

මේ නිසා වර්තමාන ආණ්ඩව මේ පිලිබදව අවධානය යොමුකර පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය කඩිනමින් හදුන්වා දිමට කටයුතු කල යුතු බව සදහන් කළේය.

නිසි ලෙස ඉතිරි මුදල් ලබා නොදෙන බවට දිරිඝ කාලයක සිට  මහජනතාව මැසිවිලි නගන බවත් යම් රැකියාවකට යන පුද්ගලයෙකු  අවම් ගාස්තුව යටතේ උදේ රුපියල් තිහක් හා සවස රුපියල් තිහක් ලබා දි ඉතිරි මුදල නොලබුණහොත් ඹහුට දිනකට අහිමිවන  මුදල රුපියල් හයක් බවත් රුපියල් පනස් හයේ ගාස්තුවට උදේ හා සවස රුපියල් හැට බැගින් ලබා දි ඉතිරි මුදල් නොලබුණ හොත් ඹහුට දිනකට රුපියල් අටක් අහිමිවන බවද පවසා සිටියේය
 



Recommended Articles