මාරවිලදී ලක්ෂ 120ක කුඩු අල්ලයි


මාරවිල, දෙමටපිටිය ප්‍රදේශයේදී මාරවිල පොලීසිය කළ වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඊයේ (23දා) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 120කට අධික වන බව පොලීසිය පවසයි. සැකකරු අද දිනයේදී මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.  



Recommended Articles