මාරවිල ධිවරයෙකුටත් කෝවිඩ් ආසාදනය වෙයි


දික්ඕවිට ධීවර වරාය අද (10) තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ, ඉකුත් 08 වැනිදා මෙම වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි අයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමගය.

අදාළ ආසාදිතයා මාරවිල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකු වන අතර තවත් ධීවරයින් 5 දෙනෙකු සමග මුහුදේ සිටියදී උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් යළි පැමිණ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

අනතුරුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු බව තහවුරු වී තිබෙන අතර මේ හේතුවෙන් යාත්‍රාවේ සිටි සෙසු ධීවරයින් 5 දෙනා නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇත.

 



Recommended Articles