මාරක අනතුරු 5කින් 6ක් මරුට


ඊයේ දිනයේදී සිදුවූ මාරක රිය අනතුරු 5කින් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරු පිළිබඳ විස්තර

දංකොටුව - ටිපර් රථයක් හා යතුරු  පැදියක් ගැටීමෙන් 42 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

නාරම්මල - කන්ටේනර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් 58 හැවැරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

වැලිකන්ද - යතුරු පැදියක් පදික කාන්තාවකගේ ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් අවුරුදු 84ක් වන කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ.

ආණමඩුව -ටිපර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් අවුරුදු 37ක් වන පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පන්නල - ත්‍රි රෝද රථයක් හා කාර් රථයක් ගැටීමෙන් ත්‍රි රෝද රථයේ ගමන් කළ අවුරුදු 17ක දැරියක් හා අවුරුදු 47  පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles