මානව හිමිකම් කවුන්සිල යෝජනාවේ ප්‍රධාන හරයට අපි එකඟ නෑ


ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවේ ප්‍රධාන හරයට රජය ඒක ඟ නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා කීය. අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට ඒක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

" මානව හිමිකම් කවුන්සිලය ලංකාව ගැන ඉදිරිපත් කරපු යෝජනාවේ ප්‍රධාන හරයට අපි එකග නෑ. අපි ඒක කලින් අවස්ථාවෙත් කිව්වා. දේශීය යාන්ත්‍රණය අපි ක්‍රියාත්මක කරනවා.  අපි පසුගිය කාලයේ ඉඩම් 250ක් පමණ නිදහස් කරලා තියෙනවා.

අපි බොහෝ දේවල් දැනටමත් ක්‍රියාත්මක කරනවා. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීම් කාර්යාලය අපි ශක්තිමත් කර තිබෙනවා.පසුගිය කාලයේ කිසිම ආගම්වාදී හා ජාතිවාදී ගැටුමක් ක්‍රියාත්මක වෙලා නෑ."



Recommended Articles