මාදුරුඔය උද්‍යානය හරහා යන පණිජ්ජා මාර්ගය රාත්‍රියට වැසෙයි


මහඔය අරලගංවිල මාර්ගයේ මාදුරුඔය ජාතික උද්‍යානය හරහා ගමන් කරන පණිජ්ජා ඔය සිට කන්දේගම දක්වා වූ කොටස 2026.11.20 වන දින සිට පස්වරු 6.00 සිට පසුදා  පෙරවරු 6.00 දක්වා කාලය තුළ වසා තැබීමට කටයුතු කරන බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

රාත්‍රී කාලයේ  ජාතික උද්‍යානය හරහා ගමන් ගන්නා රථ වාහන හේතුවෙන් මාර්ගය හරහා ගමන් ගන්නා වන සතුන් ඉතා අධික ලෙස අනතුරුවලට ලක්වීම හා මිය යෑම නිරීක්ෂණය  වන බැවින් වන සතුන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.  අදාළ කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස එම ආයතනය මහජනතවට දැනුම් දෙයි.



Recommended Articles