මාදම්පිටිය ද්විත්ව ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට


ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත අසළදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව  තවත් සැකකරුවෙක් ඊයේ (02දා) අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරු අවුරුදු 24ක් වන කොළඹ ප්‍රදේශයේ පදිංචි දිල්ෂාන් මධුවන්ත යන අයයි.

සැකකරු අද (03දා) අලුත්කඩේ අංක 4 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Recommended Articles