මේ වන විට රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය පහවගොස් මාතෘභූමිය සුරක්‍ෂා කිරීම උදෙසා 'මාතෘභූමි සුරක්‍ෂා' සංවිධානය මගින් සංවිධානය කරනු ලැබූ 'මාතෘභූමි සුරක්‍ෂා ජාතික අධිෂ්ඨාන පූජාව' කොළඹ 07 පිහිටි නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (06දා) පැවැත්විණි.
එම අවස්ථාවට සහභාගි වූ භික්ෂූන් වහන්සේලා කොළඹ 07 සම්බෝධි විහාරස්ථානයේ සිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත පාගමනින් වැඩම කළහ.
ඡයාරූප - ඉසුරු පෙරේරා




































