මාතලේ හිග්ගොල්ලට සංචරණ සිමා පනවයි


කොවිඩ් ආසාදිත පුද්ගලයින් 06 දෙනෙකු එකවර හමුවීමත් සමග මාතලේ මහනගර සභාවේ සෞඛ්‍ය  කම්කරුවන් වැඩි වශයෙන් ජීවත්වන මාතලේ හිග්ගොල්ල මාවත ප්‍රදේශ‍යට අද (23) උදෑසන සිට සෞඛ්‍ය උපදෙස් අනුව සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව මාතලේ මහනගර සභාවේ වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා පැවසීය.

මේ වන විට මාතලේ මහ නගර සීමාවේ කොවිඩ්  ආසාදනය වි ඇති පුද්ගලයින් 19 දෙනෙකු හමුවී ඇති අතර පසුගිය පැය 24 තුළ රෝගින් 06 දෙනෙකු හමුවී ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
 



Recommended Articles