මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ, නාඋල, පල්ලේපොල, යටවත්ත කොට්ඨාසවල ගම්මාන රැසක ජන ජීවිත දේපොලව හා වගාවන්ට තර්ජනයක්ව එම ප්‍රදේශයන්හි සැරිසරණ වන අලි රංචු රක්ෂිත වෙත පළවා හරීම සදහා වූ දින 10 ක විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් අද (24) දින ආරම්භ කර තිබේ.
මාතලේ ලේකම් ප්‍රසන්න මදනායක මහතාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය (24) දින රජ්ගම්මන ප්‍රදේශයෙන් ආරම්හ කර අගෝස්තු (04) වන දින දක්වා සෑම දිනකම පෙරවරු.2.00 සිට මධ්‍යය රාත්‍රිය දක්වා අඛණ්ඩව අලි තර්ජනයට මුහුණ දී තිබෙන ගම්මාන සහ කොට්ටාශවල රැඳී සිටිමින් හානි සිදු කරනු ලබන වන අලි රක්ෂිත වෙත පලවා හැරීමට නියමිතය.
බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන දිනේෂ් හේමන්ත මහතා සුනිල් බියන්විල මහතාගේ අධීක්ෂණය යටතේ කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාල , වනජිවී දෙපාර්තමේන්තුව, යුද හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඇතුලු රාජ්‍ය ආයතනවල දායකත්වය ඇතිව මෙම අලි පලවා හැරීමේ මෙහෙයුම සිදුකරනු ලබයි.
මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි