මාතලේ දෛනික ආසාදිතයින් ඉහළට


කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ අද (18)දා දහවල් වන විට  සමස්ත රෝගින් සංඛ්‍යාව  3180  ක්  දක්වා ඉහළ ගොස් ඇති බවත් පසුගිය පැය 24 තුළ රෝගින් 125ක් හමුවි ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

මාතලේ  දිස්ත්‍රික්කයෙන් මේ වන විට මරණ 38 දක්වා ඉහළ ගොස් ඇති  බවද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

ඒ අනුව උකුවෙලින් රෝගින් 663ක් දඹූල්ල මහ නගර සිමාවෙන් රෝගින් 420ක් ගලේවෙලින් රෝගින් 465ක් රත්තොටින් රෝගින් 282ක් නාඋලින් රෝගින් 222ක් ද දඹුල්ලෙන් රෝගින් 238ක්ද මාතලෙන් රෝගින් 249ක්ද මාතලේ මහ නගර සිමාවෙන් රෝගින් 179ක්ද යටවත්තෙන් රෝගින් 128ක්ද පල්ලේපොලින් රෝගින් 132ක්ද අඹනන්ගගකෝරලයෙන් රෝගින් 69ක්ද විල්ගමුවේ රෝගින් 95ක්ද ලග්ගලින් රෝගින් 38ක්ද වාර්තා වි තිබේ..

මේ වන විට දිස්ත්‍රික්කය පුරා පවුල් 637ක  පුද්ගලයින් 1668දෙනෙකු නිරෝධානයට ලක් කර ඇති බවද සෞඛ්‍ය සේවා කාර්යාලය කියයි.

රත්තොට රුවන් ධනංජය



Recommended Articles