මාතලේ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත මරණ ඉහළට


කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අද  (25)දා දහවල් වන විට මාතලේ දිස්ත්‍රික්කයෙන් මේ වන විට මරණ 57  දක්වා  ඉහළ ගොස් ඇති  බවද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

 සමස්ත රෝගින් සංඛ්‍යාව  3791 ක්  දක්වා ඉහළගොස් ඇති බවත් පසුගිය පැය 24 තුළ රෝගින් 119ක් හමුවි ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

ඒ අනුව උකුවෙලින් රෝගින් 771ක් දඹූල්ල මහ නගර සිමාවෙන් රෝගින් 454 ක් ගලේවෙලින් රෝගින් 543ක් රත්තොටින් රෝගින් 371ක් නාඋලින් රෝගින් 250ක් ද දඹුල්ලෙන් රෝගින් 289ක්ද මාතලෙන් රෝගින් 301 ක්ද මාතලේ මහ නගර සිමාවෙන් රෝගින් 221ක්ද යටවත්තෙන් රෝගින් 161ක්ද පල්ලේපොලින් රෝගින් 160ක්ද අඹනන්ගගකෝරලයෙන් රෝගින් 89ක්ද විල්ගමුවේ රෝගින් 128ක්ද ලග්ගලින් රෝගින් 53ක්ද වාර්තා වි තිබේ..

මේ වන විට දිස්ත්‍රික්කය පුරා පවුල් 605ක  පුද්ගලයින් 1628දෙනෙකු නිරෝධානයට ලක් කර ඇති බවද සෞඛ්‍ය සේවා කාර්යාලය කියයි.

මාතලේ මහේෂ් කිර්තිරත්න



Recommended Articles