මාතලේ කොවිඩ් රෝගින් තුන්දහස ඉක්මවයි


කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ අද (16)දා දහවල් වන විට  සමස්ත රෝගින් සංඛ්‍යාව  3001 ක්  දක්වා ඉහළ ගොස් ඇති බවමාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

පසුගිය පැය 24 තුළ රෝගින් 32 දෙනෙකු පමණ වාර්තා වි ඇති බවත්  මාතලේ දිස්ත්‍රික්කයෙන් මේ වන විට මරණ 35 දක්වා ඉහළ ගොස් ඇති  බවද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

ඒ අනුව උකුවෙලින් රෝගින් 649ක් දඹූල්ල මහ නගර සිමාවෙන් රෝගින් 436ක් ගලේවෙලින් රෝගින් 418ක් රත්තොටින් රෝගින් 277ක් නාඋලින් රෝගින් 221ක් ද දඹුල්ලෙන් රෝගින් 215ක්ද මාතලෙන් රෝගින් 215ක්ද මාතලේ මහ නගර සිමාවෙන් රෝගින් 201ක්ද යටවත්තෙන් රෝගින් 126ක්ද පල්ලේපොලින් රෝගින් 120ක්ද අඹනන්ගගකෝරලයෙන් රෝගින් 64ක්ද විල්ගමුවේ රෝගින් 62ක්ද ලග්ගලින් රෝගින් 35ක්ද වාර්තා වි තිබේ..

මේ වන විට දිස්ත්‍රික්කය පුරා පවුල් 651ක  පුද්ගලයින් 1665 දෙනෙකු නිරෝධානයට ලක් කර ඇති බවද සෞඛ්‍ය සේවා කාර්යාලය කියයි.

රත්තොට රුවන් ධනංජය



Recommended Articles