මාතලේ කොවිඩ් මරණ 19 දක්වා ඉහළට


කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කය  තුළ මේ වන විට  මරණ 19ක් වාර්තා වි ඇති අතර සමස්ත රෝගින් සංඛ්‍යාව 2349 දක්වා ඉහළ ගොස් ඇති බව  මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

පසුගිය පැය 24 තුල රෝගින් 54  දෙනෙකු වාර්තා වි ඇති අතර උකුවෙලින් රෝගින් 12 දෙනෙකුද ගලේවෙලින් රෝගින් 09 දෙනෙකුද මාතලේ මහ නගර සිමාවෙන් රෝගින් 08 දෙනෙකුද රත්තොටින් රෝගින් 07 දෙනෙකුද අඹන්ගගකෝරලයෙන් රෝගින් 03 දෙනෙකුද පල්ලේපොලින් රෝගින් 03 දෙනෙකුද නාඋලින් රෝගින් 02 දෙනෙකුද දඹූලල නගර සිමාවෙන් රෝගින් 02 දෙනෙකුද දඹූල්ලෙන් එක් රෝගියෙකුද දිස්ත්‍රික්කයෙන් පිටත රෝගින් 04 දෙනෙකුද  වාර්තා වි  තිිබේ.

මේ වන විට දිස්ත්‍රික්කය පුරා පවුල් 725ක  පුද්ගලයින් 2030   දෙනෙකු නිරෝධානයට ලක් කර ඇති බවද සෞඛ්‍ය සේවා කාර්යාලය කියයි.

මහේෂ් කිර්තිරත්න



Recommended Articles