මාතලෙන් දිනකදී ආසාදිතයන් 60ක්


පැය 24ක් තුළ මාතලේ දිස්ත්‍රිකයෙන් කොවිඩ් ආසාදිතයින් 60ක් වාර්තා වී ඇති බව මාතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය චමින්ද වීරකොන් මහතා පැවසීය.

 දඹුල්ලෙන් ආසාදිතයින් 30ක්, උකුවෙලින් ආසාදිතයින්, 12 ගලේවෙලින් ආසාදිතයින් 07ක්, රත්තොටින් ආසාදිතයින් 03ක්, පල්ලෙපොලින් ආසාදිතයින් 03ක්, අඹන්ගග කොරලෙන් ආසාදිතයින් 02ක් නාඋලින් ආසාදිතයින් 02 වශයෙන් මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ.

ආසාදිතයන් නිරෝධායනය සඳහා යොමුකර ඔවුන්ගේ ආශ්‍රිතයන් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර තිබේ.

මාතලේ -රවින්ද්‍ර විරාජ්  අබයසිරි



Recommended Articles