මා දැන් වැඩ නැති අගමැති - මහින්ද


රටේ ඇතිව තිබෙන වත්මන් තත්ත්වය පහසුවෙන් විසඳිය හැකිව තිබෙන බවත් මෙය ගැටලුවක් බවට පත්ව තිබෙන්නේ ඊට අධිකරණය මැදිහත් වීම තුළින් බවත් අධිකරණය මගින් ලබාදුන් තීන්දුවත් සමඟ දැන් තමන් වැඩ නැති අගමැති බවට පත්ව සිටින බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමෙන් පසු ඔහු මේ අදහස් දැක්වීය.

පසුගිය ආණ්ඩුව ජනතාවට සහන දිය හැකිව තිබියදී ඒවා වලක්වා ගෙන සිටි බව ජනතාව තේරුම් ගෙන තිබෙන බවත් ජනතාව වසර තුනක් තිස්සේ නොයෙක් බදු වලින් පීඩා විඳිමින් දුක් කන්දක් විඳිමින් සිටියදී තමන් අගමැති ධූරයට පත්ව සහන ලබා දෙමින් ආරම්භ කළ වැඩපිළිවෙළ ඇතැම් මාධ්‍යය මගින් සන්දර්ශන ලෙස හැඳින්වීමට උත්සාහ කරන බවද මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මේ වන විට ඇත්තේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවක් බැවින් එහි රැස්වීම් වලට සහභාගි වීම පල රහිත බවත් රනිල් අගමැති කිරීම සඳහා බහුතරයක් පාර්ලිමේන්තුව තුළ නොමැති බවත් පැවසීය. ජනතා විමුක්ති පෙරමුණ රනිල් අගමැති කිරීම සඳහා ඡන්දය දෙයිද කියා බලා සිටිමු යැයිද රනිල්ගේ අගමැතිකම ජනතාව රැක දෙයිද කියා ජනතාව ඉදිරියට ගොස් බැලිය හැකි බවද ඔහු සඳහන් කළේය.

මහනුවර - චමිල් රූපසිංහ



Recommended Articles