මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සේවා පුළුල් කෙරේ


මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සේවා පුළුල් කෙරෙනවා.

ඉහළ ප්‍රමිතියෙන් යුතු කාර්යක්ෂම පරිසර හිතකාමී ප්‍රවාහන සේවාවක් සැපයීම අරමුණයි.

මහ කොළඹ ප්‍රවාහන ජාල වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සේවා ක්‍රියාත්මකයි. ඒ අනුව ජනතාවට දුර ගමන් බස් රථ සේවා ලබා ගැනීම , දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටීම තුළින් දුම්රිය සේවා ලබා ගැනීමට හැකිවීම ඇතුලු පහසුකම් රැසක් සැලසෙනවා.

මෙහි පහසුකම් පුළුල් කිරීම පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.

මේ අතර මහරගම සිට පිලියන්දල දක්වා මාර්ගය පුළුල් කිරීම සදහා ඇරැව්වල ප්‍රදේශයෙන් අත්පත් කර ගත් ඉඩම් සඳහා වන්දි ලබාදීම සිදු කෙරුණා. අනූ දෙදෙනෙකු වෙනුවෙන් වන්දි ලබාදීම අමාත්‍ය ගාමිනි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

 



Recommended Articles