මළ ගෙදර තවත් මළ ගෙවල් දෙකක් වෙයි


කැබිතියොල්ලෑව, මැදවැව, කෝලිබැන්ඳ වැවේ දිය නෑමට ගොස් සිටි පුද්ගලයන් සිව් දෙනෙක් අතරින් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

අවුරුදු  38 හා 51 හැවැරිදි පුද්ගලයන් දෙදෙනෙක් මෙසේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මැදවැව ප්‍ර දේශයේ පැවැති අවමගුල් ගෙදරකට පැමිණ සිටි පුද්ගලයන් පිරිසක් මෙසේ දිය නෑමට ගොස් සිටියදී දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මරණයට පත්ව ඇත්තතේ පිළියන්දල පදිංචිකරුවන් දෙදෙනෙකි. ඊයේ උදෑසන මෙම දියේ ගිලීම සිදුව තිබේ.



Recommended Articles