මහියංගණය රෝහලේ තවත් වෛද්‍යවරයෙක්ට කොවිඩ්


මහියංගණය රෝහ‍ලේ වෛද්‍යවරයෙක් සහ  කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ  සේවිකාවක්  කොවිඩ්  ආසාදනයට ලක්වී ඇති බව අද (6) තහවුරු වූ බව මහියංගණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය  පවසයි .

මේ තත්වය නිසා ඔවුන් දෙදෙනා සේවය කළ ළමා වාට්ටුව තාවකාලිකව වසා එම කාර්යමණ්ඩල  ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ .

මීට දින කීපයකට පෙරද  මෙම රෝහලේ වෛද්‍යවරියක් කොවිඩ් ආසාදිත බවට තහවුරු විය .

පාලිත ආරියවංශ 



Recommended Articles