අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26දා) නියෝග කළේය.
ඒ අනුව රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට අධිකරණය නියම කළ අතර, එම ඇපකරුවන් අතරින් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බවටද සඳහන් කර තිබුණි.
චීන පොහොර නැවේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් ඒ මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.