හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික වශයෙන් ආරක්ෂා කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (14) පැවැති හිනිදුම, රත්ගම සහ බෙන්තර - ඇල්පිටිය කොට්ඨාශ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවලින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
"ජනාධිපතිරුන්ගේ නිල නිවාස ලබාගැනීම නිසා රටේ සමස්ථ මහජනතාවට ලබන මාසේ ඉදලා ලයිට් බිල්, වතුර බිල් අඩු වෙයි. ඒ වගේම පෙට්ට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල අඩු වෙලා ජනතාවට සහන ලැබෙයි. අපි ඉතින් ඒ නිසා බලාගෙන ඉමු.
මම හිතන්නේ ලංකා ඉතිහාසයේ රජ කාලෙත්, රජ කාලෙන් පසුවත්, හිටපු බොහෝ රාජ්‍ය නායකයෝ අකාලයේ මරා දමා තිබෙනවා. එහෙම නැතිනම් මරා දමන්න ගිහින් එම රාජ්‍ය නායකයෝ අනු නවයෙන් දිවි බේරාගෙන දැනට ජීවතුන් අතර ඉන්නවා. ඉතින් මේක තමයි ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය, වර්තමානය වගේම අනාගතයත්.
උදාහරණයක් හැටියට අපි ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්මයට සාමාන්‍ය පුරවැසියෙක් විදිහට ලෝකයේ සමහර රටවලට ගිහින් එන්න බැහැ. එහෙම ගියොත් එතුමාගේ දේහය තමයි මෙරටට නැවත ගේන්න වෙන්නේ. පිටරට විතරක් නෙමෙයි ශ්‍රී ලංකාව තුළත් එතුමට තනියම ගමනක් ගිහින් එන්න බැරි ප්‍රදේශ ඕන තරම් තියනවා. ඉතින් මෙන්න මේ කාරණය නිසා එතුමාව ජාතික වශයෙන් ආරක්ෂා කළ යුතුයි කියලයි මමනම් හිතන්නේ.
මට මතකයි එම නිවස 2001 වසරේ මම රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විදිහට නැවත රජයට පවරා ගන්න ලියුමක් යවපු සිදුවීම. එදා එම නිවසේ රැඳී සිටියේ ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා. ඒ කාලේ හැටියට මට මතකයි විශාල මුදලක් වැය කරලා එම නිවසට වෙඩි නොවදින වීදුරු යොදා තිබුණා ආරක්ෂක කුටියේ සිටම. මම එදා ඒ නිවස වහාම රජයට ගත යුතුයි කියලා ලිපියක් යැව්වම එවකට අපේ රටේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මට කතා කරලා හොඳටම දොස් කිව්වා. එතුමා කිව්වා ඒ නිවසට අතවත් තියන්න එපා කියලා. එහෙම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙරටට විශාල සේවයක් කළ නායකයින් ආරක්ෂා කළේ.
මට මතක විදිහට එතුමාට වෙඩි නොවදින රථ දෙකක් ලබා දී තිබුණා. පොලිස් ආරක්ෂක මෝටර් සයිකල් විශාල ප්‍රමාණයක්, ආරක්ෂකයින් 300 ක් පමණ ලබාදී තිබුණා. අපේ බලය 2004 වර්ශයේදී අහිමි වුණාට පස්සේ කදිරගාමර් මැතිතුමාව අකාලයේ ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් බවට පත්වෙනවා.
ඉතින් ඒ නිසා මේ දේවල් බොහෝම කල්පනාවෙන් බැලිය යුතුව තිබෙනවා. චන්ද්‍රිකා මැතිණිය ගත්තත් ත්‍රස්තවාදයෙන් දිවි ගලවා ගත්ත කෙනෙක්, මෛත්‍රීපාල මැතිතුමා, ඝෝඨාභය මැතිතුමාත් වගේම ජේ. ආර් ජයවර්ධන මැතිතුමාත් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලින් අනු නවයෙන් දිවි බේරගත්ත අය. නිදහසින් පස්සේ වගේම නිදහසට ප්‍රථම ශ්‍රී ලාංකික සෑම නායකයෙක්ම එක්කෝ මරා දමා තිබෙනවා. එක්කෝ මරා දමන්න උත්සාහ කරලා අනු නවයෙන් එම නායකයින් දිවි බේරා ගෙන තිබෙනවා. එතින් එසේනම් රජය රාජ්‍යයයේ වගකීම ඉටුකළ යුතුයි. ශ්‍රී ලංකාවට තවදුරටත් විහිලු සැපයීම නොකළ යුතුයි."