මහින්දගේ රාජ යොග්ය මැරෙනකම් තියෙනවා - වෙල්ගම


“අපි කලබල වෙන්න ඕන නැහැ මහින්ද මහත්යාගේ කේන්දරේ තවමත් හරිම බලවත් . එතුමාට රාජ යෝගය මැරෙන කල් නළලේ කොටල තියෙනවා. මගේ කොටල තියන්නේ සිකුරු යෝගයයි .

පාර්ලිමේන්තු මන්ත්‍රී  කුමාර වෙල්ගම මහතා බදුල්ල නිව්ටුවරිස්ට් හෝටලයේදී ඊයේ පැවැති  පොහොට්ටුවේ පාක්ෂික හමුවකදි මේ බව පැවසීය.

එහිදි වෙල්ගම මහතා මෙසේද  කියා සිටියේය.

"හම්බන්තෝට  වරාය ,චීනුන්ට විකුණනවාට අපි විරුද්ධ උනාම එදා ඒ ආණ්ඩුවේ ඇමතිවරයා කිව්වා නැහැ . මම මේක මේකට අත්සන් කරන්නේ නැහැ කියල .

ඒ ඇමතිවරයා ලංකාවට ලොකු ගෞරවයක් ලබාදීපු ලෝකපූජිත ක්‍රීඩකයෙක්. එයා මේ ගිවිසුමට අත්සන් කරන්න බැහැකියල කිව්වම එයා එම ඇමති කමින් ඉවත්කරලා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් දාලා ඒ ගිවිසුම අත්සන් කළා . ඒවිතරක් නොවෙයි ඒ සදහා වූ චෙක්පත රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ක එකතුවෙලා මාධ්‍ය යෙන්  පෙන්නුවා .

ඒ පෙන්නපු ඇමතිවරයාත් එක්ක වෙල්ගමට ගිහිල්ලා එකට වාඩිවෙන්න පුථවන්ද ? කියල මම තමුන්නාන්සේලාගෙන් අහනවා." යනුවෙන් ඔහු පැවසීය.

බදුල්ල - පාලිත ආරියවංශ සහ ඇල්ල ප්‍රසාද්

 

 



Recommended Articles