මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේදී අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වන බවත් හෙට පෙරවරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.
" ජාතියේ ස්ථාවරත්වය වෙනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් හෙට ඉවත්වෙන්න තීරණය කළා. ඒ හෙට දිනයේදි ජාතිය ඇමතීමෙන් අනතුරුවයි. පොදුජන පෙරමුණ ජනපති , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අනෙකුත් පාර්ශ්ව සමග එක්ව පුළුල් දේශපාලන පෙරමුණක් හදනවා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග." යැයි ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
To ensure stability of the nation, Former President @PresRajapaksa has decided to resign from the Premiership tomorrow after an address to the nation. The SLPP with Frm President, SLFP & others will now work to form a broader political coalition with President Sirisena.
— Namal Rajapaksa (@RajapaksaNamal) December 14, 2018
මහින්දගේ අගමැති ධූරයට ඒරෙහි අතුරු තහනම අඛණ්ඩව
මහින්ද රාජපක්ෂ මහතාට සහ එම අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය වෙනස් නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර තිබෙන අතර එය ගන්නා ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
මෙම නඩුව නැවතත් ලබන වසරේ ජනාවාරි මස 16,17 හා 18 යන දිනයන්හිදී විභාග කිරීමට නියමිතය.