මහල් නිවාස සංකීර්ණයක 7 වැනි මහලින් වැටී වයෝවෘධ කාන්තාවක් මරුට


බම්බලපිටිය මිලාගිරිය ඇවිනිව් හි පිහිටි මහල් නිවාස සංකීර්ණයක හත්වැනි මහලින් බිමට වැටී වයෝවෘද්ධ කාන්තාවක් මියගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ  එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ජයනන්දන් වේලු අම්මා නැමැති 74 හැවිරිදි  කාන්තාවකි.

මියගිය කාන්තාව මානසික රෝගයකට ප්‍රතිකාර ලබාගත් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිස් නිලධාරියෙකු පැවසීය.

බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පද්මලාල් මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වයි. 



Recommended Articles