මහරගම ජාතික අධ්‍යාපන ආයතනය නිරෝධායන මධ්‍යස්ථානයක් කරයි


මහරගම  ජාතික අධ්‍යාපන ආයතනය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට පියවර ගෙන ඇතැයි ජාතික අධ්‍යාපන ආයතනයේ පිඨාධිපති යෝගරාජන් කිරිබානන්දන්  පැවසීය.

ඒ අනුව යුද හමුදාව  මැදිහත් වී ඊට අවශ්‍ය පහසුකම් සපයමින් සිටින බවද  පීඨාධිපතිවරයා වැඩිදුරටත් කීය.

මෙම ආයතනය තුළ හාරසිය දෙනකුට පමණ නිරෝධායන පහසුකම් සැපයීමට නියමිත අතර ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ කටයුතු හා විෂ බීජ හරන කටයුතු මහරගම  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් සිදුකිරීමට නියමිතය .

මීට පෙර ගුරුවරුන් තුන්සිය දෙනකු පමණ මෙහි  අධ්‍යාපනය හදාරමින් සිටි අතර  ඔවුන් යුදහමුදා බස්රථවලින්  ඉකුත් 10 රැගෙන ගිය බව ද පීඨාධිපතිවරයා පැවසීය .

ඒ අනුව ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය හරහා සිදු කෙරෙන බවද පැවසේ 

මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න



Recommended Articles