මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් වෙත ලේ දන්දීමේ වැඩසටහනක්


අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා ලේ දන් දීමේ වැඩසටහනක් අද (18)  අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා බෙහෙත් ද්‍රව්‍ය ලබාදීමට පරිත්‍යාගශීලීන් විසින් මූල්‍ය ආධාර ද මෙහි දී පිරිනැමිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රජයට ආශිර්වාද පැතීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු අග්‍රාමාත්‍ය ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ  මහත්මිය සහභාගී වූ අතර, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද, අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද, අධ්‍යාපන ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා ද ඇතුළු පිරිසක් එක් ව සිටියහ.



Recommended Articles