මහර බන්ධනාගාර සිද්ධියට 26කගේ ප්‍රකාශ ලබාගනියි


මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිලධාරින්  අට දෙනෙකු ඇතුළුව  පුද්ගලයන් 26කගේ ප්‍රකාශ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ 2 වන විට සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අතර පිරිමි හෙද නිලධාරීන් දෙදෙනෙක් ,ප්‍රධාන ජේලර් වරයා   ඇතුළු තවත් නිලධාරීන් දස දෙනෙක් ,රෝහල්ගතකර සිට නැවත බන්ධනාගාරය වෙත ගෙන එන ලද රැඳවියන් හය දෙනෙකු ද ඒ අතර වන බව   මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. 

මීට අමතරව මෙම සිද්ධියේදී බන්ධනාගාරයේ සිදුවූ අලාභ හානිය සම්බන්ධයෙන් අදාළ තක්සේරු වාර්තාවන් වගේම බන්ධනාගාරයේ  සිටි රැඳවියන් ට අමතරව යම් කෙනෙක් මොවුන්ව යම් කුපිත කිරීමක්,කුමන්ත්‍රණයකට  අනුබල දීමක් සිදු වූවා ද යන්න  පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය 

බිමල් ශ්‍යාමන් ජයසිංහ

 



Recommended Articles