මහර බන්ධනාගාර ගැටුමෙන් 6ක් ජීවිතක්ෂයට


මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති රැඳවියන් සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 35ක් දක්වා වර්ධනය වී තිබේ.

මීට අමතරව බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක්ද තුවාල  ලබා තිබේ.

පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකායට අමතරව නාවික හමුදාවද තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාරය අසළට කැඳවා තිබේ.



Recommended Articles