මහර ගැටුම සම්බන්ධයෙන් 255 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනියි


මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට 255 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඊයේ (12) දිනයේ දී පමණක් ප්‍රකාශ 27ක් සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙසැම්බර් 1 වන දා සිට විමර්ශන ආරම්භ කර තිබේ.

 



Recommended Articles