ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්ප ත්කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර මහතා 2025 ඔක්තෝබර් මස 24 වැනිදා සිට නියෝජ්‍ය අධිපතිවරයෙක් ලෙස පත් කර ඇත.
එමෙන්ම සහකාර අධිපති ලෙස සේවය කළ කේ.ජී.පී. සිරිකුමාර මහතා 2025 නොවැම්බර් මස 03 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය අධිපතිවරයෙක් ලෙස පත් කර තිබේ.

