මහබැංකු බැඳුම්කර නඩුව කැඳවිමට දින නියම කරයි


මහ බැංකු බැදුම්කර නඩුව ලබන 25 වනදා යළි කැදවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යන අය ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයායි මෙම නඩුව ගොනු කර ඇත්තේ.

2016 වසරේ මහ බැංකු බැදුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 15ක් වටිනා බැදුම්කර සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම නඩුව  අද කැදවූ අවස්ථාවේ පැමිණිල්ල මෙහෙයවන නීතිපති දෙපාර්තමේන්තුව නඩුවට අදාළ ලේඛන විත්තියේ නීතිඥවරුන් වෙත භාර දුන්නා. එහිදී විත්තියේ නීතිඥවරුන් ප්‍රකාශ කළේ අදාළ ලේඛන අධ්‍යයනය කර අඩු පාඩු තිබේ නම් ඒවා දැනුම් දීමට දිනයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව අදාළ නඩුව ලබන 25 වනදා කැදවීමට නියම කෙරුණා.

 

 



Recommended Articles